ප්‍රතිසංස්කරණය කළ යුතු ශ්‍රී ලංකාවේ පොලිසිය

Spread the love

Untitled-1ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳව ජනතාව තුළ ඇති හැඟීම කවරාකාර දැ යි බොහෝ දෙනෙකු දනිති. බලපත්‍රධාරී චණ්ඩින් ලෙස පොලිසිය හැසිරුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ය. මාංචු පිටින් ගෙන යන සැකකරුවන් පැන යන්නට ගොස් ගඟේ පැන මැරෙති. ආයුධ පෙන්වන්නට යන සැකකරුවෝ මාංචු දමාගෙන පොලිසිය සමඟ සටන් කර වෙඩි කා මැරෙති. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ පොලිසිය මත තැවරුණු කලු පැල්ලම් නිමක් නැත. ලොව දියුණු රටවල පොලිසිය නැමති ආයතනයට සාපේක්ෂව අප රටේ පොලිසිය ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක බව පැවසිය යුතු ය.

යහපාලනය යනු යහපත් රාජ්‍ය පාලනයකට තවත් නමක් වන අතර, පොලිසිය යහපාලනයක් ගෙන යෑමට අවශ්‍ය තවත් ප්‍රබල ආයතනයකි. පෙර දී පොලිස් නිලධාරින් විසින් කරන ලද සංවිධානාත්මක අපරාධ නැත්තේ නොවේ. අධිකරණය මගින් වැරදිකරුවන් කරනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති වාස් තිලකරත්න ඇතුළු කණ්ඩායම ඊට නිදසුනකි. අනෙක් අතට ගල්කිස්ස ප්‍රදේශයේ පොලිසියක ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙක් තරුණයෙක් මරා දැමීමට වරදකරුවන් වී දඬුවම් ලැබූහ.

අලුත් ම සිදුවීම රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුවී ඇති තරුණ ජීවිතයක අහිමි වීම යි. මේ සිදුවීම කෙරෙහි ඍජුවම පොලිසියේ ඉහළ නිලධාරින්ට ජනතාව චෝදනා කරති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද බරපතල අපහසුතාවට පත්ව ඇති බව මාධ්‍යවලින් පෙනේ. ඔහුට අනුව මංගල උත්සවයක් පවා අයුතු ජන රාශියකි. මේවා රටේ විහිලු ය. ඇත්ත වශයෙන් ම නම් කළ යුත්තේ පොලිසියට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පිළිගැනීමයි. ශිෂ්ට සම්පන්න ආයතනයක් බවට පොලිසිය පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම යි. එය යහපාලනයක් කෙරෙහි යනවා නම් කළ යුතු අතවශ්‍යම කාරියකි.

RSL

Related Posts