කඩු කිණිසි භාර දෙන්න තවත් පැය 48 ක්

Spread the love

නිවෙස්වල යම් යම් ස්ථානවල සඟවා තිබූ කඩු, කිනිසි, උල් පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් භාරදීමට ලබාදී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම කාලය ඊයේ (06 වැනිදා) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුගිය 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී කඩු, කිනිසි, උල්පිහි විශාල ප‍්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, ගුවන් හමුදාව මගින් සොයා ගනු ලැබීය.

කඩු, කිනිසි, උල් පිහි මෙම කාලයේ භාර නොදෙන පිරිසට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව කි‍්‍රයා කරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් කීය.