මංගලගේ මොංගල් මොලයේ තරම පෙන්වමින් ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහළටම ඇඳ වැටෙයි
- RSL
- February 15, 2019
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- Economy, Mangala Samaraweera, Ministry of Finance, Sri Lanka Economy, UNP
- 0 Comments
ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානය දක්වා පහළට ඇඳවැටී තිබේ.
ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණක් වන අතර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්ධන වේගය පෙන්වන්නේ 2.7%ක් ලෙසයි. 7.9%ක වේගයක් වාර්තා කරන නේපාලය කලාපයේ ඉහලම වර්ධනය පෙන්වයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුදල් ඒකකය වන රුපියල අතිදැවැන්ත සීඝ්‍ර කඩාවැටීමකට ලක්කරනු ලැබුයේද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසිනි. වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් ආණ්ඩු බලයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය විසින් දෙවන වරටද යළිත් පත්කරනු ලැබූයේ මෙම මංගලම වීම සුවිශේෂීය.
රටේ මුල්‍ය කළමනාකරණය හෝ ආර්ථිකය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ දැක්මක් නොමැතිව ක්‍රියාකරන මෙම අමාත්‍යවරයා දන්නා එකම දෙය වී ඇත්තේ තමා වැනිම මැටි ඇම්බැට්ටයින් සහ තම සහචරයින් තමා යටතේ ඇති අමාත්‍යංශවලට පත්කරගනිමින් රිසි සේ හොරා කෑමට සහ කොල්ල කෑමට උත්සහ දැරීම පමණි. රේගූ අධ්‍යක්ෂවරිය ධුරයෙන් නෙරපීමට ගත් උත්සාහයෙන් කෝට් බෑයේ සිට ජංගිය දක්වා ගලවා ගත් මංගල මේ වන ඉතිරි වී කෙටි කාලය තුළ රටේ ආර්ථිකය වලපල්ලට යවමින් ඇති තරම් හොරාකෑමට උත්සාහ දරන බව පෙනීයන්නේ මහ බැංකු කොල්ල කෑමෙන් පටන්ගත් එජාපයේ හොරාකෑමේ තරම දැනගෙන ඊට එරෙහිව ජනාධිපතිවරයා විසින් සිදුකරන පත්කිරීම් යළි යලිත් වෙනස් කිරීමට ගන්නා උත්සාහයෙනි.


