යුද හමුදාව බලය යෙදෙව්වොත් යම් යම් ප්‍රශ්න ඇති වේවි – යුද හමුදාපති
- RSL
- May 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahesh Senanayake, Sri Lanka Army
- 0 Comments
නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
මේ වන විට රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්ව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුවා හා පොලීසිය එක්ව ආරක්ෂාව සපයා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ජනතාව නිවෙස් තුළට වී සාමකාමිව සිටින ලෙසත් ඔහු ප්‍රකාශ කරයි.

