හදිසි අවශ්‍යතා යටතේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- RSL
- October 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sri Lanka Police
- 0 Comments
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.
තවද සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නාලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාදධිබතිවරුන් තම බලප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධයව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි සියළුම තරාතිරම්වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර හදිසි අවශ්‍යතාවයක් සදහා නිවාඩු ලබාගන්නේ නම් පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදුවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

