පොහොට්ටුවේ එල්ලී ලේ උරා බොන කූඩැල්ලන් ගලවන බැසිල්ගේ අලුත්ම දේශපාලන සැලැස්ම

Spread the love

පාර්ලිමේන්තු මහ මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වලට එල්ල වී ඇති අභියෝග රාශියකි. පොහොට්‍ටුව ගත් කල ඔවුන්ගේ ඉලක්කය 2/3 බහුතර බලයකි. නාම යෝජනා  තරගය තව එකකි. අත්සන් කොට ඇති ගිවිසුම් තවත් එකකි. මෙම අභියෝග වලට හොද විසදුමක් පොහොට්‍ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙකු පසුගියදා බැසිල්ට ඉදිරිපත් කළේය.

පොහොට්‍ටුව තනිවම තරග කිරීමටත්, සහෝදර පක්ෂ වෙන්ව තරග කිරීමටත් යෝජනා විය. වෙන්ව තරග කිරීම හරහා සුලු පක්ෂවල මතවාදය පැහැදිලිව ජනයා අතරට ගෙන ගිය හැකි බවත් ඒ හරහා ඔවුන්ට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩකඩ ඇති බව සාකච්ඡා විය. අවසානයේ ඔවුන් සියල්ල එක් වී තුනෙන් දෙකේ බලයක් සහිත ආන්ඩුවක් පිහිටු වීම සැලසුම විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ‍ලංකා කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්ද, අතවුල්ලා ඇතුළු පක්ෂ වෙන වෙනම තරග කොට ලබාගන්නා ආසන ප්‍රමාණය එකට එක් කිරීම 2/3 ලබා ගැනීමට හොදම ප්‍රවේශය බව බැසිල්ගේද මතය විය.

එවිට  සම සභාපති ධූරය පිලිබද සිරිසේනට ගැටළු නැත. කිනිතුල්ලන් මෙන්  පොහොට්‍ටුවේ එල්ලි සිටිනවා වෙනුවට ගම්මන්පිලට, දිනේෂ්ට, වීරවංශට,වාසුදේවට ජනයාගෙන් වරමක් ලබා ගත හැක. පරපෝෂිත දේශපාලන සන්දර්භයක කො‍ටු කර තබනවා වෙනුවට ඔවුන් ජනමූල දේශපාලනයට නිදහස් කළ යුතු බව බැසිල් පෙන්වා දී තිබුණි.  

ඊයේ  එජාප ජේෂ්ඨයන් අතර සිදු වූ සාකච්ඡාවකදී මෙවැනි යෝජනාවක් රනිල්ටද ඉදිරිපත් විය. චම්පිකට සහ ෆොන්සේකාට වෙන් වෙන්ව තරග කිරීමට ඉඩ දිය යුතු බවත් අවශ්‍ය නම් සජිත්ටද ඔවුන් සමග යාමට ඉඩ දිය යුතු බව යෝජනා විය. වෙන් වෙන්ව තරග කොට අවසානයේ එක් විම හොදම විසදුම බව සාකච්ඡාවට බදුන් විය . දිනාගන්නා ආසන එකතු කොට විපක්ෂ නායකයා ලෙස නොව  අගමැති ලෙස වුවද සජිත්ට ඉදිරියට යා හැකි බව යෝජනා විය.

-LNA-

RSL

Related Posts