බලතල සහිත බලවත් පනතක් මැති සබයට
- RSL
- July 15, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
මහා පරිමාණයේ වංචා දූෂණ විමර්ශනය සඳහා බලතල සහිත බලවත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතර, එමඟින් මහා පරිමාණ වංචා දූෂණ රැසකට වගකිව යුතු දේශපාලකයන් රැසක් ද නීතිය හමුවට පැමිණවෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීමෙන් මහා පරිමාණ වංචා හා දූෂණ සඳහා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම ප්‍රමාද වීම මේ පනත ගෙන ඒමට හේතු වී තිබෙන අතර, වරදකරුවන්ට නීතියෙන් පලායෑමට තිබෙන අවස්ථා ඇහිරෙන ලෙස මේ පනත සැකසෙනු ඇත.
එල්ල වන දූෂණ සහ වංචා චෝදනාවලට නිලධාරීන් පමණක් ගොදුරු වන අතර එසේ නොවී ඊට වගකියන දේශපාලකයන් ද නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවීම මේ පනතෙහි ඇති සුවිශේෂත්වය වේ. දැනට සිංගප්පූරුව වැනි රටවල ද මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ ක්‍රියා කිරීමේදී ද මෙවැනි නීති ක්‍රියාත්මක වේ.