වෛද්‍ය ෆාෂි ගැන පැමිණිලි කළ මවුවරු පරීක්ෂා කිරීමට විශේෂඥ කමිටුවක්
- RSL
- June 7, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
වෛද්‍ය ෂාෆි පිළිබඳව මේ වන විට කාන්තාවන් 421ක්, නාරි වෛද්‍යවරු 6ක් ඇතුළුව වෛද්‍යවරු 26ක්, හෙද හෙදියන් 69ක් සහ තවත් රෝහල් සේවකයන් 18 දෙනෙකුගේ පිරිසකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කර සිටියි.
-අද දෙරණ-

