මහින්ද ගැන ලිපියට කතානායක කතා නෑ
- RSL
- December 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, Mahinda Amaraweera, Mahinda Rajapaksa, upfa
- 0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි.
විපක්ෂ නායක ධුරය සඳහා එ.ජ.නි.ස. පාර්ශ්වයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ එ.ජා.ප.ය හා දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටි අතර එ.ජ.නි.ස.ය පාර්ශ්වයෙන් කථානායකවරයාට මේ දැනුම්දීම සිදුකර තිබේ.
විපක්ෂ නායකවරයා තේරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන බවට කථානායක කරු ජයසූරිය මීට පෙර ප්‍රකාශ කළද මේ වන තුරුත් එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ සාමාජිකත්වය පිළිබඳ හෝ එ.ජ.නි.ස.යෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති බවත් ඔහු පවසයි.

