දක්ෂිණ අධිවේගයෙන් තවත් වාර්තාවක්!

Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000 ක් එම මාර්ගය භාවිත කර ඇති අතර ඊයේ දිනයේදී පමණක් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක ආදායමක් උපයා ඇති බව සඳහන්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ අප්‍රේල් මස හත්වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ දක්ෂිණ අදිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 23ක පමණ ආදායමක් උපයා ඇති බවත් එම කාල සීමාව තුළ රථ වාහන 750,000 ක සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉපයූ ආදායම සියයට 25කින් වැඩි වී ඇති බව ද වාර්තා වේ.

RSL

Related Posts