චම්පිකට වැඩ වරදින ලකුණු..! පාඨලීගේ රියදුරු මහේස්ත්‍රාත් හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

Spread the love

හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ තිබූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවන දිනයේත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත.

විනාඩි 10 කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ රැඳී සිටි විත්තිකරු ඉන්පසුව පිටතට පැමිණියේය.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට සැකකාර දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගීත් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ මෙම ප්‍රකාශය සිදු කිරීමට සූදානම් වන්නේ ස්වේච්ඡාවෙන් ද? යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරිය විසින් තම සේවා දායකයාගෙන් විමසා සටහනක් යොදාගත් බවයි.

ඒ අනුව මෙම සැකකරුගේ ප්‍රකාශය ඉදිරි දිනයක සටහන් කර ගැනීමට නියමිත බව ද නීතිඥවරයා පැවසුවේය.

මේ අතර අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 24 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

RSL

Related Posts