ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පවතින ආණ්ඩුවෙන් ඉවත්වෙයි (Exclusive)
- RSL
- February 18, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- SLFP, Sri Lanka Freedom Party
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන අතර නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අද(18) ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර නව ආණ්ඩුවක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිව තිබේ.
අගමැතිවරයා ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති උපදෙස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගැනීමටද තීරණය වී ඇත.
මෙම සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටීමට මුලික හේතුව බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ වත්මන් අගමැති ලෙස කූජිතව ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් නොවීමයි.
කෙසේ වෙතත් බිහිවන ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ආණ්ඩුව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහ එජාපයේද සහය හිමිව තිබේ.

