මීලඟ මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට ශ්‍රීලනිප අනුමැතිය

Spread the love

ඉතාමත් කඩිනමින් ඡන්දයක් පැවැත්විමට පක්ෂය තීන්දු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අගුණුකොළපැලැස්ස ගුරුවල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් සදහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“ඡන්දයක් පවත්වන්න අපි කිසිම බයක් නැහැ. ගිය සැරේ ඡන්දෙට තිබුණට වඩා බොහොම හොද තත්වයක් තියෙනවා. පොහොර සහනාධාර ලබා දීලා ගම්පෙරළිය ක්‍රියාත්මක කරලා ග්‍රාම ශක්ති වැඩසටහන ඒ වගේම අපේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩසටහන් ක්‍රියාත්මක වුණු මොහොතක දැන් අපිට ඡන්දයක් තියන්න කිසිම බයක් නැහැ. අපිට ඕන ඡන්දයක්. ඒ නිසා ඉතාමත් කඩිනමින් ඡන්දයක් තියන්න කියල අපේ පක්ෂ තීන්දු කරල තියෙනවා. ඒ ගැන දැනුම්දීලත් තියෙනවා. පළාත් සභා මැතිවරණයක් තමයි තියන්න තියෙන්නේ. අපි මේ අවුරුද්දේ අග තියන්නයි අපි යෝජනා කරල තියෙන්නේ. බැරි වුනොත් ලබන අවුරුද්දේ පළමු මාසයේ තියන්න බලාපොරොත්තු වෙනවා. අපිට දැන් එදාට වඩා හොද තත්ත්වයක් තියෙනවා.”

RSL

Related Posts