විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි.
විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර රටට අවශ්‍යව ඇති සංශෝධන සම්මත කර ගත යුතු බවද ඔහු පැවසීය.
මාධවේදින්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ ප්‍රමුඛතාව විය යුත්තේ රටේ නැවත මෙවැනි සිද්ධි නොවෙන්න වගා බලාගත යුතු බවත්, ඊට අදාළ නීති පද්ධතිය සංශෝධනය කරන වැඩපිළිවෙලක් බවත්ය.