ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා (Exclusive)

Spread the love

දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ අතර එම රනිල් විසින් ප්‍රතික්ෂේප කිරීම තුල ශ්‍රීලනිපය තම ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී.

ඒ අනුව ඊට අදාළ දේශපාලන මෙහෙයුම් ශ්‍රීලනිපය සහ එජාපය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අභියෝගය ජය ගැනීමට මේ වන සමත්ව අත.

ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස දිවුරුම් දීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.

මෙම නව ආණ්ඩුවට සහය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රීලනිපයට එක්වීමට මේ වන විටත් සුදානම්ව සිටී.

මේ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලලොභීත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව බලය මේ මොහොතේ අහිමි වී යන අතර තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාම සිදුවනු ඇත.

RSL

Related Posts