ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ තීන්දුව යළි ඇඳෙයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වු අතර සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් හෝ තීන්දුවක් ගැනීමකින් තොරව අවසන් වු බවට වාර්තාවේ.

ඒ අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා නැවත ඔක්තෝබර් 5 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.

මෙම සාකච්ඡාව පිළිබඳ අදහස් දැක්වු පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේ පොදුජන පෙරමුණට සහය පල කිරීමට තවමත් අභියෝගයක් බවට පත්ව ඇත්තේ පොහොට්ටුව ලාංඡනය බවයි.

RSL

Related Posts