පොහොට්ටුව සාකච්ඡා බිඳවැට්ටවීම සහ එකඟතා කඩකිරීම් තුළ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

එසේ වූවත් අපේකෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හැකිතාක් සුබවාදී ලෙස සාකච්ඡා අවසන්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වට 6ක් පවත්වා ඇති බවත්, මේ වනවිට එම සාකච්ඡා තාවකාලිකව නවතා තිබූ නමුත් ලබන සඳුදා දිනයේ දී නැවත සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ මහතා කීවේය. දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න මහතා සහ තමා ඒ සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වන බවත් එහිදී රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන බවත් පැවසීය. ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන බැවින් ඔහු සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පැවසූ ඒ මහතා, පක්ෂයේ අනන්‍යතාව, ප්‍රතිපත්ති හා යෝජනාවලට එකඟ වූ පසු ඒ මහතා සමඟ ගිවිසුම්වලට එළැඹීමට සුදානම් බව ද කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගත හැකි හොඳම ක්‍රමය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම බවද ඒ සඳහා ආරාධානා කර සිටින බව ද හෙතෙම පැවසුවේය. එසේම එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමට කිසිදු තීරණයක් නිදහස් පක්ෂයෙන් ගෙන නොමැති බව ද වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts