කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!

Spread the love

පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ හොර රහසේ ඩීල් ගසමින් සිටි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මදක් ඉදිරියට යන්ට දී කකුල් වෙව්වුව දමා ඇත.

ඒ අනුව සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයේ මෙම තීන්දුවත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 10කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත බැර වන අතර සජිත්ට බැර වීමට නියමිතව තිබූ ලක්ෂ 6.5කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඔහුට අහිමිව යනු ඇත.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය දින කිහිපය පුරාවටම ශ්‍රීලනිපයේ සහය ඉල්ලා රහස් සාකච්ඡාවට ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිදුකළ අතර ඒ සියල්ල පයිසකට මායිම් නොකරමින් මෙම තීන්දුව ගෙන ඇත. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ මෙම තීන්දුවත් සමඟ ඔහු මිතුරු වෙසින් සිට සජිත් ප්‍රේමදාසට දේශපාලනිකව ඇරිය හැකි උපරිම එකෙන් ඇර ඇති බව පෙනීයයි.

RSL

Related Posts