සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)

Spread the love

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය.

රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින් රාජ්‍ය ඇමැතිවරයා කතා කරද්දී ඊට බාධා කළ නාමල් රාජපක්‌ෂ මහතා අර්ජුන ඇලෝසියස්‌ මහතාට සුජීව ඇමැතිවරයා පනස්‌ වතාවක්‌ දුරකථන ඇමැතුම් ලබා දී ඇති බවට බැඳුම්කර කොමිසමට නීතිපතිවරයා දැනුම් දී ඇතැයි පැවැසුවේය.

” ඔබ නීතිඥ විභාගය පාස්‌ කළේ කොහොමද? ඒසී කාමරයක හොරට ලියලා. පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළමු වගන්ති දෙක කියන්න” යෑයි සේනසිංහ මහතා අභියෝග කළේය.

නාමල් රාජපක්‌ෂ මහතාගේ නිහඬතාවය දුටු සේනසිංහ මහතා “හරි එහෙම නම් මම ලිහිල් කරන්නම්. සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඕනෑම වගන්ති දෙකක්‌ කියන්න.” යෑයි කීවේය.

අර්ජුන ඇලෝසියස්‌ට දුරකථන ඇමැතුම් ලබා දුන්නේ නැද්ද නාමල් රාජපක්‌ෂ මහතා විමසුවේය.

“හොරට විභාග පාස්‌ වුණා. ඩේසි ආච්චිගේ මැණික්‌ මල්ල ගැන මම කියන්න යන්නේ නෑ…. මොකක්‌ද මල්ලී කරපු වැඩේ….. එකට රගර් ගහපු තාජූඩීන්ට වැඩේ දුන්නා. ඒවා හරි නෑනේ.” යෑයි සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවේදී මුලසුන දැරුවේ එඩ්වඩ් ගුණසේකර මහතාය. සේනසිංහ මහතාගේ සහ රාජපක්‌ෂ මහතාගේ වාග් ගැටුම උග්‍ර වන අවස්‌ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණි නිසා ගැටුම සමථයකට පත් විය.https://www.youtube.com/watch?v=fnGovL67IYw

RSL

Related Posts