පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා

Spread the love

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

අද (17) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වූ පසු එදින මධ්‍යම රාත්‍රියෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටියා.

RSL

Related Posts