වෛද්‍යවරුන්ට පාට් දැමූ සුරංගගේ හෙළුව හෙළිවෙයි..!

Spread the love

දේශපාලනය හා මාධ්‍ය ගැන තමන් තරම් දන්නා තවත් පකීර් කෙනෙකු මේ රටේ නැතැයි පෙන්වාදෙන්නට මෙන් කවුරුත් හිනාගස්සමින් ප්‍රවෘත්ති අතර රඟන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු සිය දරුවා තුන වසරේ දී මියුසියස් විද්‍යාලයෙන් ඉවත් කර විශාකා විද්‍යාලයට ඇතුලත් කළේ කෙසේ දැයි යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම කරුණ මුළින්ම හෙළි කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජාතික පාසල් ලබාදෙන බවට මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බැව් අනාවරණය කරන ලදී.

මෙම පුද්ගලයා සිරස නිවුස් ෆස්ට් හි ඇඟේ හයියෙන් ප්‍රශ්න අසන මාධ්‍ය පකීර් කෙනෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ ගන්නා සුරංග සේනානායක නමැති පුද්ගලයෙකි.

සුරංග සේනානායක දැනටත් පදිංච සිටින්නේ කඩවත පල්ලිය ආසන්නයේ නිවසකය. ඒ ඔහුගේ ස්ථිර පදිංචියයි. කඩවත සිටින සුරංග තම දරුවා විශාකා විද්‍යාලයට ඇතුලත් කරගත්තේ කෙසේද යන්න රටටම ගැටළුවකි. නමුත් සුරංගගේ කරණම් දන්නා අයටනම් මෙය පුදුමයක් නොවනු ඇත. සුරංග මාධ්‍ය ඔස්තාර්කෙනෙකු ලෙස පෙනී සිටින්නේකවර සුදුසුකමකින් දැයි කවුරුත් දන්නේ නැත. ඔහු 2000 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රබලයකු හා සම්බන්ධ වන්නේ එකස්ත ජාතික පක්ෂයට ස්වේච්ඡාවෙන් වැඩ කරන බව පවසමිනි. අවසානයේ එම ප්‍රබලයා සමග ඔහු ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ කළමනාකාර ධූරයටකට පැනගත්තේය.

2004 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරැළීමත් සමග රැකියාව අහිමිවන සුරංග එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණට ලැබුණු ශිෂ්‍යත්වයක් භාවිතා කරමින් එංගලන්තයට යන්නේ රනිල් වික්‍රමසිංහ රවටා තමන් දිගටම රනිල් වෙනුවෙන් පෙනී සිටින බව පවසමිනි. ශිෂ්‍යත්වය අවසන් කර ලංකාවට යළි ආ ඔහු එවකට පැවති සත්හඬ පුවත්පතේ දැන්වීම් කළමනාකරු ලෙස සේවය කළේය. ඉන් අනතුරුව කලින් තමන්ට උදව් කළ මාධ්‍ය ප්‍රධානියාගේ උදව්වෙන් ම ඔහු මහාරාජාගේ මාධ්‍ය නඩයට එකතු වූයේය. අවසානයේ නැග්ග ඉනිමගට පයින් ගසමින් තම මාධ්‍ය ප්‍රධානියාට ද එරෙහිව මහාරාජාට ගතු කියා තනතුරු ලබාගත් සුරංග සේනානායක සමත්වූයේය. දැන් සිරසේ රඟන සුරංගගේ පැටිකිරියෙන් බිඳකි ඒ.

විශාකා විද්‍යාලය රජයේ පාසලකි. ඒවා නඩත්තු වන්නේ මහජන මුදලිනි. එම විදුහලට දරුවන් ඇතුලත් කළ හැකි නිශ්චිත පිළිගත් ක්‍රමවේදයක් තිබේ. ඒ අනුව පළමු ශ්‍රේණියේ දී හය ශ්‍රේණියේ දී හා උසස් පෙළ සඳහා සිසුවියන් ඇතුළත් කළ හැකියි. අතරමැද දී දරුවන් ඇතුලත් කරන්නේ නම් ඒ මුදලට, හිතවත් කමට හෝ දේශපාලන හයියට විනා සාධාරණ අයුරින් නොවේ. සිරසේ සුරංග සේනානායකගේ දරුවා විශාකා විද්‍යාලයට ඇතුලත් කර තිබෙන්නේ තුන ශ්‍රේණියේ දී ය.
ඔහුගේ දරුවා විශාකා විද්‍යාලයට ඇතුලත් කිරීමට පෙර මුදල් ගෙවා මියුසියස් විද්‍යාලයට ඇතුලත් කර තිබූ බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අපට ඇති ගැටළුවනම් සුරංග සේනානායක විශාකා විද්‍යාලයට සිය දරුවා ඇතුලත් කළේ කුමන ආකාරයේ අල්ලසක් දීමෙන් ද යන්නයි. කෙසේ වෙතත් විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය හිටපු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සමීපත ම ලේකම්වරයකුගේ බිරින්දෑය. සිරස නාලිකාවේ දේශපාලන වැඩසටහන්වල රඟන මේ නිවේදකයා දේශපාලකයන් සිරසට ගෙන්නාගනිමින් ඔවුන් පුදුමයට පත්වන ආකාරයේ ඇඟ පත විසි කරමින් ප්‍රශ්න අසන්නේ ඔවුන් ලවා මෙවැනි දේ සිදුකර ගැනීමට යැයි යන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රකට කරුණකි.

දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සුරංග සේනානායක ගේ දරුවා විශාකා විද්‍යාලයට ඇතුලත් වූයේ කෙසේ ද යන්න පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ. මෙය ස්වාධීනව සිදුවිය යුතු පරීක්ෂණයකි.

අධ්‍යාපන ඇමතිතුමනි, ඔබ පොදු දේපල කොල්ලකන මෙවැනි මාධ්‍ය කැණහිලුන් ගැන රටට අනාවරණය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

-උපුටනය-

RSL

Related Posts