නව ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමට හිමි තැනත්, ඒකීය පාලනයත් වෙනස් නොකරන බව ඇමති රවී අවධාරණයෙන් කියයි

Spread the love

බුදු දහම ආරක්ෂා කොට පෝෂණයකර, ඊට නිසි තැන හා ගෞරවය ලබා දී, ඒකීය පාලන තන්ත්‍රයක් සඳහාවන ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බුදු දහම සුරක්ෂිත කර පෝෂණය කිරීම අප සියළු දෙනාගේ වගකීම හා යුතුකමද වන බවයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ දිවංගත වී. ඒ. සුගතදාස මහතාගේ 44වන ගුණානුස්මරණ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. ගුණානුස්මරණ උත්සවය අද (10) පෙරවරුවේ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පිහිටි සුගතදාස මහතාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.

වී. ඒ. සුගතදාස මහතාගේ පිළිරුවට, පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පිරිස ඇමතු රවී කරුණානායක මහතා කියා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු ලෙස වී. ඒ. සුගතදාස මහතා,රටටසිදු කළ සේවාව සදානුස්මරණීය වන බවයි. උතුරු කොළඔ ජනතාව නගා සිටුවීම සඳහා සුගතදාස මහතා සිදු කළ මෙහෙවර මෙවැනි අවස්ථාවක සිහිපත් කිරීම, අපගේ යුතුකම බවද රවී කරුණානායක මහතා කීය.

සැමරුම් උත්සවයෙන් අනතුරුව, මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ රට බේරා දුන් රණ විරුවන් ආරක්ෂා කිරීමට, රජයක් ලෙස අප බැදී සිටින බවයි. ජාතිවාදය ඇවිස්සීමෙන් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, දැන් එළඔ ඇත්තේ සියළු ජාතීන් ඉදිරියට යා හැකි ශක්තිමත් පාලන තන්ත්‍රයක් බවත් කරුණානායක මහතා කීය. තමා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සෑම අවස්ථාවකදීම පෙන්වාදුන්නේ, බුදු දහමට නිසි ගෞරවය හිමිවන සියළු ජාතීන්ට පිළිගත හැකි පාලන තන්ත්‍රයක් සඳහා අංග සම්පුර්ණ ව්‍යවස්ථාවකට අවතීරණය විය යුතු බව යැයිද? රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts