සිංහලේ බිරීම නවතා සපාකෑම අරඹයි

Spread the love

Sinhale attackසිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය. බල්ලන් බැඳ නොදැමුණු අතර, දැන් උන් සපාකන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිංහලේ නම් කණ්ඩායමේ භික්ෂුවක් යැයි කියාගන්නා රාගම පෙදෙසේ සද්ධා*** නැමති අය සහ තවත් කිහිප දෙනෙක් විසින් තරුණයෙක් පැහැරගෙන ගියේ යැයි සමාජජාල අවකාශයේ ආරංචි පැතිර යයි. එම පැහැර ගැනීමට හේතුව වී ඇත්තේ මේ තරුණයා තම ෆේස් බුක් ගිණුම හරහා එකී භික්ෂුවගේ තමා දන්නා චරිතය විවේචනය කිරීම බව ද සඳහන් වේ. මෙම පුවත සැබෑවක් නම්, චීවරය නිල ඇඳුමක් යැයි සිතා සිටින මෙවැන්නන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැ යි අපි නොදනිමු. මේ ක්‍රෑර ජාතිවාදී ව්‍යාපාරයන් කෙරෙහි රජය මැදිහත් වන්නේ, රටෙහි තවත් ලේ ගංගාවක් ගලා ගිය පසුව ද?

තනි පුද්ගලයන් ලෙස මෙවැනි අන්තවාදී සංවිධානවලට එරෙහි වීමේ ඇති භයානකකම එකී තරුණයාට දැන් වැටහෙන්නට ඇත. කෙසේ වෙතත්, ලේ ඉල්ලන මෙවැනි අන්තවාදී සංවිධානවලට එරෙහිව තනි මිනිසුන් ලෙස කරන මැදිහත්වීම සංවිධානාත්මකව කළ යුතු කාලය එළැඹ ඇත.

RSL

Related Posts