ශිරන්ති පැමිණෙයි; යෝෂිතට අධි චෝදනා ගොනුවෙයි
- RSL
- February 1, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Shiranthi Rajapaksa, Yoshitha Rajapaksa
- 0 Comments
පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.
එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
එම අතිදැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ ‘කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්’ (CSN නාලිකාවේ) හිමිකරු වන්නේ මෙම යෝෂිත රාජපක්ෂ නැමැත්තායි.