ජනපතිව තේරීම් කාරක සභාවට කැඳවයි.. තෝරාගන්න දින දෙයි

Spread the love

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමේ ලිපිය එම කාරක සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම මස 20, 21, 22 හා 23 යන දිනවලින් එක් දිනකදී කමිටුව හමුවට පැමිණිය හැකි බව ද තෝරා ගනු ලබන දිනය ආපසු දැනුම් දෙන ලෙස ද ලිපියේ දක්වා ඇතැයි වාර්තා වෙයි.

ජනපතිවරයා මෙම ලිපියට දක්වන ප‍්‍රතිචාර අනුව කාරක සභාව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බව ද ජනපතිවරයා සාක්ෂි ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි කීවොත් ඒ අනුව කටයුතු කිරීමට සභාව සූදානම් බව ද එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ ජනපති කොමිසමේ සාමාජිකයන් තිදෙනාට ද ලබන 22 දා සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි කාරක සභාව දැනුම් දී තිබේ. එසේ වුව ද ජනපතිවරයා කාරක සභාව හමුවට පැමිණෙන දිනය අනුව ජනාධිපති කොමිසමේ නිලධාරීන් තිදෙනාගේ සාක්ෂි ලබා දීමේ දිනය වෙනස් වීමට ඉඩ ඇති බව එම ප‍්‍රකාශකයා පැවසීය.

RSL

Related Posts