අද අපිත් පොහොට්ටු සම්මේලනයට එනවා; අපි එන්නේ සාමාජිකත්වය ගන්න නොවෙයි, වෙන වැඩකට!
- RSL
- August 11, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- S B Dissanayake, SLPP
- 0 Comments
අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඊයේ පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය.
පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ සාමාජිකත්වය ලබා නොගන්නා බව කී දිසානායක මහතා, එහෙත් පොදුජන පෙරමුණ විසින් එදිනට නම් කිරීමට නියමිත ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබා දීම ගැන සලකා බලන බවද කීවේය.

