සජිත් ප්‍රේමදාසලාගේ මීලඟ බිලි ටිකත් සූදානම්..! අජිත් පී.පෙ. ණයට කහින ජෝකර් වෙයි..!

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ.

මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවත් එම පක්ෂයේ සජිත්ට විරුද්ධ අයවලුන්ට එරෙහිවත් කුමන්ත්‍රණය කරමින් කැරලි ගසමින් සිටිති.

මින් පෙර සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසුරියට එජාප නායකත්වය ලබාදීම වෙනුවෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහට සහ සිරිකොතට එරෙහිව කැරලි සහ කුරුඳු පොලු ගසා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන අයට එම පක්ෂයේ තිබූ තැන් අහිමි කරගත් අතර සමහරුන්ට පක්ෂයෙන්ද ඉවත් ව යෑමට සිදුවිය.

එසේ දිර්ඝ කාලයක් කැප කිරීම් සිදුකරමින් දේශපාලනය කළ පක්ෂයෙන් ඔවුන්ගේ තනතුරු සහ වරප්‍රසාද අහිමි වෙද්දී, තමා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ ඔවුන් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස නම් කෙලෙහි ගුණයක් නොදත් කුහක අපතයා එක් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. මේ නිසාම දක්ෂයෙකු වූ දයාසිරි ජයසේකරකට එජාපයට හැරදා යෑමට සිදු වු අතර, බුද්ධික පතිරණට වසර ගණනාවක් කිසිඳු තනතුරක් හෝ ඇමතිකමක් වත් නොලැබ ගුණමකු සජියාගේ බිලි පූජාවේ පව් කරගැසීමට සිදුවිය.

කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට පිළිලයක්ව ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලිය මේ වන විට යළිත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වටලා ගල් ගැසීමටත්, පක්ෂය විනාශ කරමින් කැරළි ගැසීමටත් සූදානම්ව සිටින අතර මේ සඳහා එජාපයට සම්බන්ධව සිටි ඇතැම් බාහිර පිරිස් අවශ්‍ය තෙල් පොම්ප කරමින් සිටිති.

RSL

Related Posts