ගෝඨාගේ සිහිනය තවත් ඇඳෙයි.. 11වනදා ඇත්තේ අපේක්ෂකයා නම් කිරීම නොව පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දීමයි

Spread the love

එළඹෙන අගෝස්තු 11 වනදා සිදුවන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නිලවශයෙන් භාර දීම බවට වාර්තාවේ.

තවමත් ගෝඨාභය රාජපක්ෂ ළඟ ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා භාරදුන් ලියවිලි ලැබුණු බවට වන ලිපිය පමණක් වෙයි. ඔහු සතුව ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ ලිපිය ඇත්නම් එය නොසඟවා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ හැකි වන අතර අප වෙත වාර්තා වන පරිදි ගෝඨාභයට මේ වන විට අමෙරිකාවේ පවරා ඇති නඩු සඳහා වන අධිකරණ කටයුතු ඉදිරි මාස තුන හතර ඇතුලත ආරම්භ වීමට නියමිතව ඇත. එසේම එම නඩු විභාගයන් අවසන් වූ පසු ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුතු සිදුවනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ සන්ධානගත වුණොත් දෙපාර්ශවය එකඟවන ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වන අතර එය සැප්තැම්බර් මස 02 වනදා පැවැත්වෙන ශ්‍රීලනිප පක්ෂ සම්මේලනයේදී තීරණය කිරීමට නියමිතව ඇත.

RSL

Related Posts