අ.පො.ස (සා/පෙ) වත් නැති සජිත්ගේ මොළයේ තරම ලෝකයටම පෙන්වයි (වීඩියෝ)

Spread the love

“ඒක පුද්ගල ආදායම වැඩක් නෑ, අවශ්‍ය වෙන්නේ ඒකපුද්ගල සතුට” කියලා සජිත් ප්‍රේමදාස කියනවා, මම දැක්කා. මේ කතාව අහලා මා ඇත්තටම පුදුම වුණා. මා එසේ පුදුම වුණේ මීට දින කිහිපයකට පෙර, සජිත් ප්‍රේමදාස London School of Economics එකෙන් උපාධියක් ලැබුවා කියලා අජිත් පී පෙරේරා රූපවාහිනී වැඩසටහනක කියා සිටිය නිසා.

අජිත් පෙරේරා කියූ ආකාරයට, සජිත් එහෙම London School of Economics එකෙන් උපාධියක් ලබා තිබුණා නම්, එක්කෝ සජිත් ඒ විශ්වවිද්‍යාලයේදී ඉගැන්වූ  දේවල් සියල්ල අමතක කරගෙන, එහෙම නැත්තං, සජිත්ට පමණක් London School of Economics එක අලුත් ආර්ථික විද්‍යාවක් උගන්වලා තිබෙනවා.

LSE එහෙම උගන්නන්නේ නැහැයි කියලා මා දන්න නිසා, මට හිතෙන්නේ සජිත්ට මේවා සියල්ල අමතක වෙලා කියලා. එහෙම නම්, අපි එයාට ඒවා පොඩ්ඩක් මතක් කරල දෙන එක හොඳයි.

නොදන්නා ආර්ථික විද්‍යාවක් ගැන කතා කිරීමෙන් වැලකී සිටින්නැයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පැවසූ අතර ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඒක පුද්ගල ආදායම මනින්නෙ රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතය, රටේ ජනගහනයෙන් බෙදලයි. ඒ වගේම, එවැනි සංඛ්‍යා සහ තොරතුරු ප්‍රයෝජනවත් වන්නේ හඟුරන්කෙත හෝ තිස්සමහාරාමයේ සිටින පුද්ගලයන්ගේ ආදායම දේශපාලනික කෝණයකින් පෙන්වාදෙන්නට නොවේ. එම දත්ත ගණනය කරන්නේ රටේ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳව යම් මැනීමක් කරන්නට සහ ලෝකයේ අනිත් රටවල් සමග අපේ රට සන්සන්දනයක් කිරීමටයි. මේවා ගැන තේරුමක් නැත්නම් ඒවා ගැන කතා නොකර සිටීම වඩාත් හොඳයි. එහෙම කතා කරන්න ගිහිල්ලා, තමාගේ නොදැනුවත්කම ලෝකයට විදහා දක්වලා, ඇණ ගන්නවට වඩා හොඳයි, නිශ්ශබ්දව ඉඳීම. එතකොට, සමහරවිට ඔහු බුද්ධිමතෙක් කියලත් රටේ ජනතාව සිතන්නට බැරි නැහැ.

රටක සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගන්නේ නැතුව, රටේ ආර්ථිකයේ වර්ධනයක් ඇතිකර ගන්නේ නැතුව, කිසිම කෙනෙකුගේ පසුම්බියට මුදල් දමන්නට බැහැ. එහෙම වර්ධනයත් නොකර, ජනතාවගේ පසුබිම්වලට මුදල් දැමිය හැක්කේ අයුතු ලෙස මුදල් අච්චු ගැසුවොත් පමණයි. එහෙම කළොත් රටේ උද්ධමනය දැවැන්ත ලෙස වැඩිවෙන බව සමහරවිට සජිත්ගේ විශ්වවිද්‍යාලය ඔහුට කියා නොදෙන්නට ඇති. නැත්නම් ඔහුට ඒවා අමතක වෙලා ඇති. මෙවැනි කතා කියන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්.

දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය නොකර, යම් කෙනෙක් සිතනවානම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා, ඒ අය සිටින්නේ සිහින ලෝකයක.

මුලින්ම රට සංවර්ධනය කරලා, රටේ මුළු ආදායම වර්ධනය කිරීමෙන් පමණයි, රට වැසියන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ පසුම්බිවල තිබෙන මුදල් ක්‍රමයෙන් වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ. ඒ මූලික පාඩම, ජනාධිපති වෙන්න සිහින බලන කෙනෙක් මුලින්ම ඉගෙන ගන්නට අවශ්‍යයි.