ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය පතයි.
තමන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ඔවුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.
තමන් සම්බන්ධයෙන් ඉක්මන් විසදුමක් ලබා දීම සඳහා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කරන බව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙයි.
එම ලිපියේ මෙසේ ද දක්වා තිබේ.
අප ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා සයිටම් ආයතනයට බඳවා ගෙන ඇත්තේ විශේෂිත බලධාරියා වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා පසුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පරීක්ෂාවට ලක්කර බලා අනුමත කිරීමෙන් පසුවයග එම නිසා දැනට ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගත යුතුය.
එසේම අප ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම ඔබතුමාගේ මූලිකත්වයෙන් සකස් කර ගන්නා ලෙසද අප ඕනෑකමින් මතක් කර සිටිමු.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හා සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ(23) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.