සයිටම් ගැටලුවට රජය කල් මරමින් දෙන ව්‍යාජ විසඳුම් වලට එරෙහිව වෛද්‍යවරු යළි සටනට

Spread the love

නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය පොරොන්දූ වූ පරිදි නිසි විසඳුමක් දීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශවයන් පසුගිය විසඳුම් ලියවිලි 6 ටම සිදුකළ ඉරණම මෙම කමිටු වාර්තාවට අත් නොවීමට නම් සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතා ආරක්ෂා කිරීමෙන් මිදී ජනතාවාදී විසඳුමක් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් උපාධි අලෙවි ආයතනයට විරෝධය පාමින් හෙට(12) සිට 15 වනදා දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව එහි සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

RSL

Related Posts