‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!

Spread the love

පසුගියදා මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්නනිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ කටයුතු නිමාකරමින් මෝටර් රථයෙන් ගමන් කරද්දී රාත්‍රි 8.15 ට පමණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී වෙඩි ප්‍රහාරයක්‌ එල්ලවීම සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර එසේ පරීක්‍ෂණ පැවැත්වෙන අවස්‌ථාවක ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම්දීමක්‌ සිදුකළ යුතුව තිබූ බවද එම නිලධාරියා කියා සිටියේය.

එහෙත් ඔහු මෙලෙස පොලිසියට නොදන්වාම විදේශගත වී ඇත්තේ කුමන කාරණාවකටද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක්‌ හෙළිවී නැතැයිද හේ සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා වෛද්‍ය සමීර සේනාරත්න අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

මේ අතර මෙම සිද්ධියට අදාළව වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් දීර්ඝ ප්‍රකාශයක්‌ ලබාගත් බවත් සිද්ධිය වූ දින ඔහු ඇඳ සිටි ඇඳුම් ද පොලිස්‌ භාරයට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ මෝටර් රථයේ ඉදිරිපස දකුණු පස රියෑදුරු අසුන අසල ඇති වීදුරුවට බවත්, එම වෙඩි ප්‍රහාර දෙක මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි බව කියන වෛද්‍ය සමීර සේනාරත්නට නොවැදුණේ කෙසේද? මෙය වෛද්‍ය සමීර සේනාරත්නගේ සැලසුමක්‌ද? මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පිට පැටවීමේ අරමුණින් සිදුකළ රඟපෑමක්‌ද යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බවද පොලිසිය කියයි.

දැනටමත් මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 15 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

-දිවයින-

RSL

Related Posts