ඩොලරය ඉදිරියේ රුපියල තවත් බාල්දු වෙයි

Spread the love

මේ වසරේ (2018) මුල සිට ජුලි 20 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් පිරිහීමට ලක්‌ වී තිබේ.

2017 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව රුපියල පිරිහීමට ලක්‌ වූයේ සියයට 2 කින් පමණි.

එසේම අනිකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‌ෂවද ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේදී පිරිහීමට ලක්‌ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‌ෂව සියයට 2 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‌ෂව 4.7 කින්ද, ස්‌ටලින් පවුමට සාපේක්‌ෂව සියයට 1.3 කින්ද පිරිහීමට ලක්‌ව තිබේ. මේ අතර කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 0.8 කින් ද, ඔස්‌ටේ්‍රලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 1.3 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්‌ෂව 2.9 කින්ද ශ්‍රී ලංකා රුපියල වර්ධනය වීමද සිදුව තිබේ.

-ශ්‍යාම් නුවන් ගනේවත්ත-
-දිවයින-

RSL

Related Posts