රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!
- RSL
- September 12, 2018
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Economic, Managala Samaraweera, Sri Lankan Rupees
- 0 Comments
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි.
පෙරේදා දිනයේ සිට ඊයේ දක්වා වූ කාල පරාසය තුළ ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වී ඇති ප‍්‍රමාණය ශත 60කි.
මෙය දිනක් තුල රුපියල අවප‍්‍රමානය වූ වැඩිම ප‍්‍රමාණයයි.
ඩොලරය හමුවේ රුපියලකින් මිල ඉහල ගියද මෙරට ණය බර රුපියල් බිලියන 34ක් ඉහල යන බවත් අද දිනය තුල පමණක් ණය බර රුපියල් බිලියන 15කින් පමණ ඉහල යනු ඇති බවත් පවසන ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම මුදල වසරක් සදහා සමෘද්ධි සහනාධාරය සදහා වෙන් කරන මුදලට සමාන යයිද කියා සිටියේය.

