විල්පත්තුව බිලිගත් කුප්‍රකට බදියුදීන් මුලතිව් වලින් අක්‌කර 1000ක්‌ ඉල්ලයි; මුලතිව් වනයත් අවදානමක! (Video)

Spread the love

මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක්‌ ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක්‌ මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම් වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් පළවා හරින ලද නිසා බවයි.

මේ වන විට එම පවුල් සඳහාත් ඔවුන්ගෙන් බිහිවුණු නව පරම්පරාව සඳහාත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අවශ්‍ය බවත් එවැනි පවුල් 780 ක්‌ දැනට හඳුනාගෙන ඇති නිසා ඔවුන්ට පදිංචි වීමට සහ ඔවුන්ගේ පොදු කටයුතු සඳහාත් ඉඩම් අක්‌කර 1000 ක්‌ මුලතිව් පළාතෙන් අවශ්‍ය බව රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

යුද සමයේදී ඉඩම් අහිමිවූ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කලින් පදිංචිව සිටි පිරිස දැනට පුත්තලමේ හා තවත් ප්‍රදේශ කීපයක තාවකාලිකව පදිංචිව සිටින බව අමාත්‍යවරයා පෙන්වාදී ඇතත් ඔහුගේ එම ඉල්ලීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කිසිදු හේතුවක්‌ නොදක්‌වමින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ජාතික සම්පතක් වූ විල්පත්තු වනාන්තරය විනාශකරමින් තමාගේ ජනවර්ගයා පදිංචි කිරීම සිදුකර ඇති අතර එම මහා වන සංහාරය සුළුපටු නොවේ. ඊට එරෙහිව අතිදැවැන්ත විරෝධයක් සිව්දෙසින්ම පවතී.

එවැනි වට පිටාවක් තුළ රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් මෙලෙස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ඉල්ලීම දැඩි සැකයක් මතුකරයි. කෙසේ හෝ රිෂාර්ඩ් බදියුදීන් වැන්නෙකුට කැලෑබද ඉඩම් ලබා නොදීම ජාතික වගකීමක් බව පරිසර ක්‍රියාකාරිකයින් පවසති.

RSL

Related Posts