Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..

Spread the love

මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු  මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ  මහා සෙන්පතියාය. නමුත් ඇත්ත  කතාව ගෝටාබය යනු  යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000ක් දිවි දෙන  විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැගවිය නොහැක .සැබැවින්ම මිලිටරි ක්‍රියාන්විතය ෆොන්සේකාගේ වික්‍රමයකි. ගෝටා මිලිටරි ක්‍රියාන්විතයට සෘජුව මැදිහත් වූයේ නම් ඊට සාක්ෂි තිබිය යුතුය.  එවැනි සාක්ෂි නැති බැවින් ගෝටා වන්දිබට්ටයන් ලවා පොත් ලියමින්  මහජනයා ‍රැවටීමේ මෙහෙයුමක නිරතව සිටියි

යුධ ශිල්පයේ හෝඩිය නොදත් සෙන්පතියා

සත්‍ය දිය යට ආයාසයකින් රදවගෙන සිටින රබර් බෝලයක් වැනිය. උඩට පැමිනීම නියතයකි. සටන් සේනාකංකයක දක්ෂ සෙන්පතියෙකු තුල දැකිය හැකි මූලික ගුණාංග කිහිපයකි. නායකත්වය,විනය, තුන්කල නුවණ සහ මනා සන්නිවේදන හැකියාව ඒ අතර ප්‍රධානය.  යාපනය කො‍ටුව මුදා ගැනීමේ සටනේ එක් බල ඇණියක් මෙහෙය වූයේ ගෝටාය. ගෝටා මහ දවල්, එලිමහන් භූමියක් හරහා සිය කන්ඩායම මෙහෙය වූයේය. නොදන්නා බිමක  එලිමහනේ හමුදාව ගමන් නොකල යුතු බව යුධ ශිල්පයේ හෝඩියේදී කියා දෙන සිද්ධාන්තයකි. මක්නිසාදයත් එළි මහන් බිමක ආවරණ නොමැති හෙයින්  සතුරාගේ පහසු ගොදුරක් වීමය. සියල්ලන්ගේ වාසනාවට අතිරේඛ භට පිරිසක් මෙහෙයවා පිරිස බේරා ගැනීමට ෆොන්සේකාට හැකි විය . මේවා කට කහනවාට කියන ඒවා නොව සුදු  කොඩි නඩුවේ විත්ති වාචකයේ සදහන් ඒවාය

”එයාකොහේදඅයිසේයුද්ධකළේ , මමනෙ යුද්ධ කළේ‘

”එයා කොහේද අයිසේ යුද්ධ කළේ , එයා හිටියේ සිංගප්පූරුවේ ඇද උඩනෙ, මමනෙ යුද්ධ කළේ”, මෙය ගෝටා සිය වහළුන් සමග නිතර කියන කථාවකි. 2006 අප්‍රියෙල් සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වූ අතර යලි සේවයට පැමිනියේ ජූලි වලය. ෆොන්සේකා සිංගප්පුරුවේ ප්‍රථිකාර ගත් කාලයේදී ගෝටා සිය නැන පමනින් යුධ මෙහෙයුම් වලට දායක විය. දිනක් 23 වන සේනාංකයේ කර්නල් ජයවර්ධන පූනානි ප්‍රදේශයේ කොටි කඳවුරක් ඇති බවට ගෝටාබයට වාර්තා කළේය. තොරතුර ලද විගස ගෝටා ක්‍රියාත්මක විය. ට්‍රක් රථ දෙකකින් හමුදාව ‍රැගෙන ගොස්  මඩකළපුව – පොළෙන්නරුව මාර්ගයේ 43 සැතපුම් කනුව අසල බස්සවා හිමිදිරියේම ‘ඇඩ්වාන්ස්‘ කරන ලෙස ගෝටා උපදෙස් දුන්නේය.

තමුසේ මම කියන විදියට ඔපරේෂන් එකට බහිනව

ගෝටාගේ උපදෙස් අනුව මෙහෙයුම දියත් කිරීමට කර්නල් ජයවර්ධන අදිමදි කළේය. ”සර් ග්‍රවුන්ඩ් එක හරියට දන්නේ නැතිව ටීම් එක තනිවම ඇඩ්වාන්ස් කරන එක… ” කියවාත් සමගම ගෝටා කර්නල් ජයවර්ධනගේ ඇගට ගොඩවිය. ”අයිසේ 87දී ඔය පූනානි ඒරියා එකම කමාන්ඩ් කලේ මම, මට තිබුනේ ටී 56 විතරයි, තමුසෙ මට ග්‍රවුන්ඩ් එක උගන්වන්ඩ එන්ඩ එපා, මම ඔය ග්‍රවුන්ඩ් එක හොදට දන්නව, මම කියන විදියට ඔපරේෂන් එකට බහිනව ”. ගෝටා කර්නල් ජයවර්දනට තරයේ කීවේය  . කර්නල් ජයවර්ධන පහුවදාම ගෝටා කියූ විදියටම මෙහෙයුම දියත් කලේය. පසලොස් වසරකට පෙර ගෝඨාභය දැන සිටි ‘ග්‍රවුන්ඩ්‘ එක අනුව ක්‍රියාන්විතයේ යෙදුණු හමුදාවේ 28ක් මිය ගියහ, 4 දෙනෙකු අතුරුදහන් වූහ.

ගෝටාගේ  මඤ්ඤං යුධ සැලසුම්

මාවිල් ආරු මුදාගැනීමේ මුල්ම සටන දියත් කළේද ෆොන්සේකා සිංගප්පුරුවේ සිටියදීය. මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහය. ගෝටාබයගේ උපදෙස් මත මෙන්දක මාවිල් ආරු මුදාගැනීමට සීමිත මෙහෙයුම 12ක් දියත් කර තිබුනි. නැතිවූ හමුදා ජීවිත ගනන 34 කි අතුරුදහන් වූවන් 2කි. නැතිවූ ජීවිත මිස අල්ලා ගත් දෙයක් නොවිනි. ෆොන්සේකා සිංගප්පුරුවේ සිට පැමිනි විගස ගෝටාගේ  මඤ්ඤං යුධ සැලසුම් කුනු බක්කියට දැමුවේය. අණදෙන රේඛාව සියතට ගත්තේය. 2006 අගෝස්තු මාසයේදී ෆොන්සේකාගේ අණ යටතේ ක්‍රියාත්මකවූ ‘ඔපරේෂන් වෝටර් ෂෙඩ්’ මෙහෙයුමෙන් මාවිල්ආරු මුදාගැනුනි.

කෑලෑ සටන් පුහුණුව  අතර තුර ගෝටාගේ පහර දීමෙන් සෙබලෙකු මිය ගිය කථාව බොරුවක්ද?

පසුගියදා මාධ්‍ය සාකඡ්චාවක් තැබූ ෆොන්සේකා ගෝටාබයගේ පහර දීමෙන් මියගිය සොල්දාදුවෙකු ගැන කීවේය. සාමාන්‍ය පුරවැසියන් මෙම කථාව විශ්වාස කිරීමට මැලි වීම ස්වාභාවිකය. කෑලෑ සටන් පුහුනුව යනු හමුදා සාමජිකයෙකු මුහුන දෙන දුෂ්කරතම කොටස වෙයි.සොල්දාදුවන්ට සර්ප මස් පවා කෑමට සිදු වන්නේ මෙම පුහුණුවේදීය . කොටියාට අසුවුව හොත් සුරතල් කිරීමක් නැති හෙයින් කැලෑ සටන් පුහුණුව තුල  හමුදා සාමාජිකයන්ට ලැබෙන්නේද  ඒ හා සමාන ප්‍රතිරෝදයකි. කොටියාට අසු වුවහොත් ” මට අසනීප යයි ” කියා බේරිය නොහැක. කරුණු එසේ හෙයින් බොහෝ විට කෑලෑ සටන් අතර තුර අසනීප වාර්තා කල අයෙකුගේ ලෙඩ හොද කරන්නේ දඩුවම් දීමෙනි.

කැලෑ සටන් පුහුණුව තුලදී දුෂණයට ලක්වූ සෙබලින් ඕනෑ තරම් ඇත

දැඩි දඩුවම් සහ ප්‍රතිරෝධ කෑලෑ සටන් පුහුණුවේ නිළ නොවන අංගයකි. පපුවේ අමරුවක් යයි කියූ සොල්දාදුවාට ගෝටාබය විසින් පහර දුන් කථාව සහ ඔහු මිය ගිය පුවත සම්පූර්ණ ඇත්ත  කථාවකි. කෑලෑ සටන් අතර තුර සොල්දාදුවන්ට සිදුවන පහරදීම් සාමාන්‍ය තත්වයකි. එපමනක් නොව විවිධ හේතූන් නිසා සොල්දාදුවන් මිය යාමද සමාන්‍ය තත්වයකි. උපදේශකයෙකුගේ හෝ නිළධාරියෙකුගේ පහරදීම නිසා සෙබලෙකු මිය ගියා කියා ඒ පිලිබදව විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන තරම්ය. පහර දීම පමනක් නොව කාමාතුර නිලධාරීන් සොල්දාදුවන්ට ලිංගික අපචාර කිරීමද  කෑලෑ සටන් පුහුනුව තුල නිතර සිදුවන්නකි. කැලෑ සටන් පුහුණුව තුලදී දුෂණයට ලක්වූ හමුදා සෙබල සෙබලින් ඕනෑ තරම් හමුදාවේ ඇත.

ෆයිල් එක අතුරුදහන් කලද බිදහෙලිය නොහැකි සාක්ෂි ඇත

මෑතකදී කමල් ගුනරත්න ”ගෝටාභය ” කියා පොතක් නිකුත් කළේය . එහි  39 වන පි‍ටුවේ ගෝටාබයට හමුදාවෙන් ලබා දුන් ” ඇඩ්මින් පනිෂ්මන්ට්” එකක් ගැන සදහන් කොට ඇත. මින්නේරිය පුහුණු කදවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කළේ  මේජර් හිරාන් හලංගොඩය. ගෝටා සාමන්‍ය නිලධාරියෙකු ලෙස  ඔහු යටතේ සේවය කළේය. මේජර් හලංගොඩ ගෝටාබයට වඩා අවු 2 කින් කනිෂ්ඨ නිලධාරියෙකි. එනම් තමාට  ”සර්” කියූ ජුන්ඩෙකුට ‘සර්’ කීමට ගෝටාට සිදුවිය. හමුදාව විසින් ගොටාගේ  ජෙෂ්ඨත්වය නොසලකෑ හැරීමට හේතු වූයේ යටකී සොල්දාදුවාට කල පහර දීමය. මෙම සිද්ධියට අදාල ලිපිගොනුව පමනක් නොව ගෝටාගේ සියළු ෆයිල්  මේ වන විට මිසිං වී ඇත.ජේෂ්ඨත්වය පහල දැමූ විට ආත්ම ගරුත්වයක් ඇති හමුදා නිලධාරියෙකු කරන්නේ ඒ පිලිබදව අභියාචනය කිරීම හෝ ඉල්ලා අස්වීමය.

හමුදා නායකයෙකු සතු පරිචය

පසුගියදා ජන ‍රැළියක් අමතමින් සිටියදී ගොටාගේ ටෙලි ප්‍රොම්ටරය අක්‍රිය විය.එදා වැසි දිනයක් බැවින් ටෙලි ප්‍රොම්ටරයට වතුර ගොස් තිබුනි. මඤ්ඤං වූ ගෝටා  දෙනෝ දාහක් ඉදිරියේ මරු කීවේය. ටෙලි ප්‍රොම්ටරය නැත්නම් ගෝටාට අබසරණය . යුධ මෙහෙයුමකට පෙර අදාල ක්‍රියාන්විතය පිලිබද සවිස්තර දේශණයක් සිදුවෙයි.බොහෝ විට එය සිදු වන්නේ   ”සෑන්ඩ්  මොඩල්” එකක් ආධාරයෙනි .රෙකීයේ සිට ( ඔත්තු බැලීම ) සතුරු කදවුර  ඔවර් රන් ( සතුරා යටත් කරගැනීම) දක්වා සියල්ල සෑන්ඩ් මොඩල් එක අනුසාරයෙන් පැහැදිලි කල යුතුය. සොල්දාදුවන් අසන ප්‍රශ්න වලට උත්තර දිය යුතුය .

දේශප්‍රේමයේ සිංහ හම පොරවාගෙන සිටින කොටළුවා

යුධ මෙහෙයුමකට හමුදාව පමනක් නොව ගුවන් නාවික සහ පොලීසියද සම්බන්ද විය යුතුය . ඒ අනුව ඔවුන් සියල්ලක්ම අසන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය . දක්ෂ සෙන්පතියෙකු අසන ප්‍රශ්න සියල්ලටම උත්තර දෙනවා පමනක් නොව දේශනය අවසන් කරන්නේ එක ගැම්මට සතුරා පොඩිපට්ටම් කිරීමේ චිත්ත ධෛර්යක් ඇති කරමිනි. ගෝටාබයට මෙවන් පරිචයක් තිබුනේ නම් මාධ්‍ය වේදියෙකු ප්‍රශ්නයක් අසන විට බා.. බා කියන්නේ නැත. අයියා දෙස බලන්නේ නැත . ඇයි මගෙන්ම ප්‍රශ්න අසන්නේ කියා අසන්නේ නැත . ටෙලි ප්‍රොම්ටර් අවශ්‍ය නැත .

සැබැවින්ම බය ගෝතා යනු හමුදාවෙ සිටි” ලොසෙකි”. ”ගොටාස් වෝ ” ගැන කීමට කාලය මීට වඩා මිඩංගු කල යුතු නැත. ගෝටා යනු බොරුවෙන් ඉපදී , බොරුව ආගම කොට ගෙන දේශප්‍රේමයේ සිංහ හම පොරවාගෙන සිටින කොටළුවෙකි.

-හිටපු හමුදා බුද්ධි අංශ නිළධාරී කීර්ති රත්නායක-
උපුටනය: ලංකා ඊ නිව්ස්

RSL

Related Posts