සෝභිත හිමිගේ මරණ පරික්ෂණය සිදු නොකළේ ඇයි?
- RSL
- April 5, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර නැතැයි වාර්තා වෙයි. මේ බව දැනගන්නට ලැබුණේ පසුගිය දා උඩුවේ ධම්මාලෝක හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ය.
මෙලෙස සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා වෙත නියෝගයක් නිකුත් කර ඇත.
මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර ලබාදුන් කොළඹ ජාතික රෝහල, සෙන්ට්‍රල් රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල්වලින් නිකුත් කර ඇති වෛද්‍ය වාර්තා හා ප්‍රතිකාර වාර්තා සැලකිල්ලට ගෙන මෙම වාර්තාව සකසන ලෙස එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
