අපි නැවතත් ආණ්ඩු බලය අල්ලනවා! – එජාප උපනායක රවීගෙන් ප්‍රකාශයක්

Spread the love

දෙසැම්බර් මස පළමුවැනි දිනට පෙර නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත්, අපේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදිවලට ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක පැවැසීය.

ඉකුත් 24දා මහනුවර පැවැති යුක්තියේ ජන හඬ විරෝධතා ජන රැලියේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

යහපාලන ආණ්ඩුවෙන් වැඩිපුරම පීඩා වින්දේ තමා බවත්, එය තමාට ප්‍රශ්නයක් නොවන බවත් කී රවි කරුණානායක මහතා, තමන්ට වඩා වටින්නේ තමන්ගේ රට සහ තමන්ගේ පක්ෂය බවත් කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක,

දැන් මොනවද වෙන්නෙ. අපි ජනවාරි මාසෙ 8 වැනිදා ඔබේ වරම ලබාගෙන ඔබට එහි ප්‍රතිලාභ දෙන්න පටන් ගත්තා. එදා එහෙම තීරණය කරලා දවස් 100 තුළින් රටේ සුවිශාල පෙරළියක් ඇති කළා. රජයේ සේවක වැටුප 10,000කින් වැඩි කළා. අපට ආරක්ෂාව දෙන මේ පොලිසියේ පඩි 40%කින් වැඩි කළා. පෙට්රල් 165ට තිබුණ එක රු. 125 දක්වා අඩු කළා. එදා ඩීසල් 135 තිබුණේ අපි ඒක 110 දක්වා අඩු කළා. ගෑස් 2,530 තිබුණා. ඒක 1,400ට අඩු කළා. එදා ජීවන වියදම් හැම අතින්ම අඩු කරන්න අප කටයුතු කළා.
ඒ සියල්ල කළේ එදා පැවැති වල්මත් වූ ආණ්ඩුව පලවා හැර නව යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමෙන්. නමුත් අද යළිත් ඒකාධිපති හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා.

ඒ වගේම ඔවුන් ඔබේ අයිතිය උදුරාගෙන තියෙනවා. ඔවුන් කටයුතු කරන්නේ ජනතා අයිතිය සුරකින්න නෙවෙයි. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ. තුන්දෙනෙක්ගෙ අයිතිය සුරකින්නයි.

ඒ නිසා සහෝදර සහෝදරියනි මේ ඇතිව තිබෙන තත්ත්වයෙන් රට මුදා ගැනීමට අපි ඔබතුමන්ලත් සමඟ මේ සටන ඉදිරියට ගෙනියනවා.
අපේ සටනත් ඔබේ සටනත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය ආරක්ෂා කිරීමයි.

ඔබේ අයිතිය තමයි ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම. නමුත් අපට අවශ්‍ය වන්නේ මේක පවුලක් හෝ පවුල් දෙකක් ආරක්ෂා කිරීම නෙවෙයි. රටේ සියලු දෙනාගේම අයිතිය ආරක්ෂා කර ගැනීමයි.

ඒ වගේම අපේ අගමැතිතුමාට අපි මතක් කරනවා. ලබන සතියේ හෝ එන සුමානේ ව්‍යාජ ආණ්ඩුව 29 වැනිදා ගෙදර යවලා අපි පිහිටුවන ආණ්ඩුවෙන් යහපාලනය කියන වචනය පැත්තකට දාන්න ඕන කියලා.

අපේ අලුත් යහපාලනය කියන්නෙ ජනතාවට රක්ෂා ලබා දෙන එකයි. අපේ යහපාලනය කියන්නෙ ජනතාවගෙ ජීවන වියදම අඩු කරන එකයි. ඔබේ රක්ෂා, සමෘද්ධි වැඩි කරන එකයි අපේ මහපොළෙ ලබා දෙන එකයි. ගෙවල් ටික ලබා දෙන එකයි. පාරවල් ටික හදලා දෙන එකයි. බයවෙන්න එපා. එජාපය අපේ රත්තරන්. එක්සත් ජාතික පෙරමුණ එකතු වෙලා තියෙන සියලු දෙනාටම මේ 29 වැනිදා ලැබෙන ආණ්ඩුව තුළින් ඒක ලබා දෙනවා කියන එක මෙහිදී මතක් කරන්න කැමැතියි.

සල්ලි කොහෙන්ද කියලා අවශ්‍ය නෑ. අපි හොයල දෙන්නම්. අපි ජනවාරි මාසෙ 8 වැනිදා භාරගන්නේ දණ ගස්වපු ආර්ථිකයක්. නමුත් අපි දවස් 100න් ඒක හදල දුන්නා. ඉතින් මේ ආර්ථිකය ලබාගෙන මේ ඒක හදන එක කජ්ජක් අපට.

අපි ආණ්ඩු කරන කාලේ අර 2,500න් කවන්න හදන බන්දුල යකෝ මුං ආර්ථිකේ කනවා කිය කියා ඇවිද්දා. මං මුදල් ඇමැති වශයෙන් ඉවත් වෙනකොට අපේ ඩොලර් එක තිබ්බේ රු. 149ට මහින්ද රාජපක්ෂ 26 වැනිදා ගන්නකොට මේක 172යි. මෙන්න බොලේ දවස් 25න් මේක රු. 181ක් වුණා. අපි අහනවා බන්දුල ගුණවර්ධනගෙන් ‘කෝ බං උඹේ ආර්ථිකේ, කොයි පැත්තටද යන්නේ රිවෙස් එකටද යන්නේ? දැන් කියනවා මේක අතක් නෙවෙයි මුළු ඇඟම තියලවත් මේක උඩ යන එක නවත්තන්න බෑ. මේ ව්‍යාජ ආණ්ඩුව ගත්තෙ ඒකටද?

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අපේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු සියලු දෙනා එකතුව මේ වැටුණු ආර්ථිකය නැවතත් ශක්තිමත් කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඒක කරන්න නේද ඕනේ… ඒක නේද එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඕනේ… ඒක නේද එක්සත් ජාතික පෙරමුණෙන් ඕනේ… එහෙනම් ඒක කරනවා කියන එක මේ අවස්ථාවේදී යළිත් මතක් කරන්න කැමැතියි.
ඒ නිසා සහෝදර සහෝදරවරුන් අපි පාලනය කරන කාලෙ අපිට යහපාලනය යටතේ කරන්න තිබුණු දේවල් කරන්න කල් ගියා. ඒ ගැන අපි සමාව ඉල්ලනවා. නමුත් මේ සැරේ අපි වැඩි කල් යන්න ඉස්සෙල්ලා පොලිත් එක්ක සහන හා කරන්න බලාපොරොත්තු සියල්ල කරනවා කියන එකත් මතක් කරන්න කැමැතියි. අපි රජයේ සේවකයන් ලවා සැලියුට් ගස්වා වැඩ කරගන්නේ නෑ.

අපි ගත්තට පස්සෙ වැඩ කරන එක විතරයි අපිට තියෙන වැඩපිළිවෙළ. නමුත් සහෝදර සහෝදරවරුනි මේක ලේසි ගමනක් නෙවෙයි. මේ අයට පාර්ලිමේන්තුවෙ බහුතරය පෙන්නුවත් ඒක වටහගන්න බැරි ව්‍යාජ ආණ්ඩුවක්. ඒ නිසා මේ පටන් ගත්ත සටන 26 වැනිදා වනතුරුත් නොවැම්බර් 29 වැනිදා

RSL

Related Posts