සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් මත පිහිටා රට ගොඩනැගිය යුතුයි (වීඩියෝ)
- RSL
- November 27, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් අනුව රට ගැන අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෘතහස්ත දේශපාලනඥයෙකුවූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අසූ තුන්වන ජන්ම දින සැමරුම අදට(26) යෙදී තිබේ.
ඒ හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදුකෙරුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රශ්නය – සී.අයි.ඩී. එක සෑහෙන්න කාර්යයභාරයක් කළා ඔවුන් නඩු දාන්න. දැන් ඔවුන් මේවන විට යම් යම් අපහසුතාවලට ලක්වෙලා තියෙනවා. ඔවුන් දැන් තනිවෙලා වගේ තියෙනවා. සමහර අය ට්‍රාන්සර් වෙලා තියෙනවා. මොකද්ද මේ රජයේ දැන් ඔබතුමාලා රජයේ කට්ටියක් හැටියට එතුමන්ලට මොකද්ද මේ වෙලාවේ කරගන්න පුළුවන්.
මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, ආණ්ඩු වෙනස් කිරීමේ දී සියලු දේ වෙනස් වෙන බවයි.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ හිරිහැර කිරිම නොවන බවත්, මෙය රාජ්‍ය සේවයක් යැයි සිතා ඔවුන්ගේ ස්වාධීනත්වය රැක ගැනීම අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
රට වෙනස් කිරීමට හා ඉදිරියට ගෙන යෑමට ඇති එකම මාර්ගය වන්නේ, සියලු පක්ෂ එකතු වී එක ප්‍රතිපත්තියක් මත සිට කටයුතු කිරීම බවද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, පරිපාලනය වෙනස් වෙලා රටක් හැදෙනවා යනුවෙන් සිතුව ද කිසිවිටෙකත් රට හැදෙන්නේ නැති බවයි.
වසර 72 ක් පුරා ලංකාවේ ජනතාව ඉගෙන නොගත් කරුණ වන්නේ, “දේශපාලන එකමුතුභාවය “ යැයි ද කියා සිටි ඒ මහතා, දැන්වත් එය ඉගෙන ගත යුතු යැයි පැවසීය.
තවත් මාස 5 කින් පමණ මැතිවරණයක් ඇති වෙන බවත් පැවසු රවී කරුණානායක මහතා, එය ඉල්ලක කර ගනිමින් වැරදි නිවැරදි කර ගත යුතු බව ද කියා සිටියේය.

