එක්සත් ජාතික පක්ෂයේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ; රන්ජන් CIDයට යයි (Video)
- RSL
- February 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- koken, Ranjan Ramanayake, UNP
- 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.
අද(22) උදෑසන රංජන් රාමනායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසන්නේ මෙම විමර්ශනය සිදු විය යුත්තේ ස්වාධින කමිටුවක් හමුවේ බවයි.
මේ අතර පාර්ලිමේන්තුයේ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන්ගේ ලේඛනය රටේ සිටින අහිංසක දරුපරපුර ගැන සිතා ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කළේය.

