සම්බන්ධකම් හරහා එජාපයට වාසි වෙන්න නඩු තීන්දු හැදෙන හැටි එජාප හිටපු නි.ඇමති රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්!

Spread the love

‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රන්ජන්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා එක්සත් ජාතික පක්ෂය තම සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් අධිකරණයට බලපෑම් කරන බවත් අනාවරණය විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියකම විනිසුරුවන්ටත්, සෑම අධිකරණවලටත් ඒවායේ ස්වාධීනත්වයටත් අතිවිශාල පහරක් මෙන්ම අපහාසයක්ද එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ මෙම ප්‍රකාශය හරහා සිදුව තිබේ.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාගේ මේ ප්‍රකාශයත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණු අයුරු වැනි විවිධ කාරණා පිළිබඳ ඉතිහාසයේ නොවූ විරූ අයුරින් සමාජ ජාලා තුළ සංවාදයක් මතු වී තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය රැකගන්නට නම් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය රැකගන්න ඕනෑ බවත්, අධිකරණය මොන තීන්දුවක් දුන්නත් එය නොපිළිගනිමින් රට පුරා කැරලිකාරී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් ඇති කර තිබෙන බවත් සඳහන් කළ යුතුය.

මේ නිසා වහාම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකළ පරිදි එක්සත් ජාතික පක්ෂය එහි ප්‍රබලයින් හරහා අධිකරණයේ තීන්දුවලට යම් බලපෑමක් සිදුකරන ආකාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කළ යුතුවේ.

RSL

Related Posts