මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා (වීඩියෝ)
- RSL
- February 16, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe
- 0 Comments
යුද්ධයෙන් වැඩිම හානි සිදුවුණේ උතුරට බවත්, එල්ටීටීයෙන් මගේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහලේකම්වරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ විසිපස් වසරක අඛණ්ඩ අසහාය නායකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(15) කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් පැවසීය.
පළාත් සභාවන් සතු බලතල භාවිත කරමින් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම එම නියෝජිතයින්ගේ වගකීම බවත්, අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

