ජනතා විශ්වාසය සහ වරම පාවාදීම හරිම කැත වැඩක්, ඒ කැත වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ – රනිල් (වීඩියෝ)

Spread the love

‘යුක්තියේ ජන හඬ’ ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු යන මැයෙන් එක්සත් ජාතික පක්ෂය අද(30) කොල්ලුපිටිය මංසන්ධිය අසල විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහව එම තනතුරු ඉවත් කර ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට එරෙහිවයි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වල සිටින ඇතැම් මන්ත්‍රීවරුන් සහ එම මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සභභාගී වී සිටියද, එජාපය අපේක්ෂා කළ තරම් පිරිසක් ඒ සඳහා සභභාගී නොවීම විශේෂිතය.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

(සංස්කරණයට ලක් නොකළ රනිල් වික්‍රමසිංහගේ සත්‍යම කතාව )

ජනතා විශ්වාසය සහ වරම පාවාදීම හරිම කැත වැඩක්, ඒ කැත වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා මම මෙතන කියන්න ඕනි. මේ වේදිකාවේ විවිධ මත දරණ විවිධ ජාතීන්ට අයිති විවිධ ආගම්වලට අයිති විවිධ නායක කණ්ඩායම් ඉන්නවා. එක අන්තයක ඉදන් අනිත් අන්තය වෙනකන්. අපි ඔක්කොම මෙතන එකතු උනේ එක්සත් ජාතික පෙරමුණ හැටියට ප්‍රජාත්‍රන්තවාදී බලවේග සමඟ එකතු වෙලා මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු කරලා සංවර්ධනයක් ඇති කරන්නයි.