රට ගොඩ නඟන්න ඒකාධිපති බලයක් රටට අවශ්‍ය නෑ
- RSL
- September 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Ranil Wickramasinghe
- 0 Comments
රට වෙනුවෙන් වැඩ කිරීමටත් රට ගොඩ නැඟීමටත් ඒකාධිපති බලයක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(13) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
“අද එක උත්සවයකින් නිවාස මෙතරම් ප්‍රමාණයක්. එදා රේස්කෝස් පිටියේ මංතීරු හැදුවා. අපි දුප්පත් ජනතාවට නිවාස හැදුවා ප්‍රජාතන්ත්‍රවාදය වගේම නිවාසත් හැදුවා. වැඩ කරන්න ඒකාධිපති බලය වැඩක් නැහැ
හැකියාව පමණයි අවශ්‍ය. සුළුතර ආණ්ඩුවක් ලෙස මෙතරම් කළා නම්. බහුතර ආණ්ඩුවකින් දුප්පත්කම නැති කරන්න පුළුවන්“
කොළඹ හේනමුල්ල ප්‍රදේශයේ ඉදිකළ මිහිජය සෙවණ,හෙළමුතු සෙවණ හා රන්මිතු සෙවණ නිවාස සංකීර්ණ ත්‍රිත්වය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
නිවාස 3,300කින් සමන්විත එම නිවාස සංකීර්ණ ත්‍රිත්වය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති මුදල රුපියල් මිලියන 15,924කි.

