සජිත් වෙනුවෙන් සිරිසේන බලය අවභාවිතා කරමින් සිදුකළ අධම වැඩේ..

Spread the love

එදා විධායක බලතල සහිත ජනධිපතිවරයෙකු ප්‍රථම වරට පත්කර ගන්නා විට ඇන් එම් පෙරේරා මහතා ඇසුවේ මෙහි බලතල පිස්සෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියාය . වර්තමානයේ එය සිදුවී ඇත .

මෛත්‍රී තමා යටතට රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසක් වන්නේ විධායක ජනාධිපතියෙකුට ඇති අසීමිත බලතලවල භයානක කමයි. 19 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් විධායක බලතල අඩු කර තිබෙන තත්වයක් තුල මෙසේ හැසිරෙනවා නම්, අනාගතයේ පත්වන්නට සිටින උන් පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්තයකි.

පොහොට්ටුවේ අපේක්ශකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපි දන්නා ගෝඨාභය යනු බල ලෝභී අන්ත ඒකධිපතියෙකි . ඔහු ජනාධිපති වූ පසුව අගමැති වන්නට මාන බලන මහින්ද රාජපක්ෂ ඊටත් එහා ගිය බල ලෝභියෙකු බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැන්නවුන්ගෙන් විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමක් ගැන සිතීම දවල් හීනයකි .

අනෙක් පාර්ශවයෙන් තරග කරන සජිත් ප්‍රේමදාසගෙන්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් කිසිදු විටකදී බලාපොරොත්තු විය නොහැක. තම පක්ෂයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධවයමින් ජනාධිපතිවරනයට සිහින දකින ඔහු , කිසිම විටකදී තමාට අසීමාන්තික බලයක් හිමි කර දෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි ද ?

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වාමාංශික නායකයින් ඇතුලුව ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් ඒකරාශී වූ ජන සමූහයා ඉදිරියේ අද වන විට ප්‍රශ්නාර්තයක් ඉතිරිව ඇත. මෛත්‍රීව ගෙදර යවා ඊලඟට මොවුන් දෙදෙනාගෙන් කෙනෙකු පත්කරගෙන මහජනතාව ලෙස සැනසිල්ලේ ජීවත් විය හැකද? . කැහි ගෑනි දී , හොටු ගෑනි ගන්නවද කියා සියලු සමාජ ක්‍රියාකාරීන් කල්පනා කළ යුතු කාලය එලඹ ඇත , ඒකරාශී විය යුතු කාලය එලබ ඇත.

RSL

Related Posts