රනිල්-සාගල-රංජිත්-රුවන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට
- RSL
- August 6, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(06) යළි රැස්වීමට නියමිතව තිබේ.
අද(06) පස්වරු 2.00ට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරිමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.
අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.
ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.
නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අය ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ජේ.එම්.අයි.සංවිධානය හෙවත් ජමාතේ මිල්ලතේ ඊබ්රවහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලබා ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

