මහ රෑ මහින්ද-මෛත්‍රී-ගෝඨා රහස් සාකච්ඡාවක්

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙන අතර මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී ඇතැයි වාර්තාවේ.

ඊයේ(05) රාත්‍රී මෙම රහස් හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අදාළව මහින්ද සහ මෛත්‍රී සාකච්ඡා පවත්වන අතරතුර දුරකථන මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂවද සම්බන්ධ කරගෙන ඇති අතර ජනාධිපති සිරිසේන පෞද්ගලිකව හමුවී සාකච්ඡා පැවැත්වීමට ගෝඨාභය ඉදිරි දිනයකදී පැමිණීමට ගිවිස ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති සිරිසේන , එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමඟ වෙනම දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටින අතර තවත් දෙසකින් රාජපක්ෂවරුන් සමඟ වෙනම ගනුදෙනුවක් සිදුකරමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. රාජපක්ෂවරුන්ගේ පක්ෂය සමඟ එක්ව තරඟ කරන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය හෝ අගමැති අපේක්ෂකත්වය යන දෙකෙන් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමාට ලැබිය යුතු බව පවසා ඇත.

මේ අනුව ජනාධිපති සිරිසේන විසින් තමාගේ බලය වෙනුවෙන් වඩාත්ම පහසු සහ වාසි මාර්ගය තෝරාගනු ඇතැයි වාර්තාවේ.

RSL

Related Posts