රනිල් මාධ්‍ය කැඳවා ජනපතිට අභියෝග කරයි!
- RSL
- February 16, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Ranil Wickeramasinghe
- 0 Comments
අද(16) දින හදිසි මාධ්‍ය හමුවක් කැඳවා වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා අගමැතිකමින් ඉල්ලා නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ තමාව අස්කිරීමට ජනාධිපතිවරයාට බලය නැති බවත් සඳහන් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියේය.
අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවා අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බවද වත්මන් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
“මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්.අපි ඉන්නේ ඒ ස්ථාවරයේ.බහුතරය තියෙනවා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට සඳුදා කෝල් කළා.අගමැතිකමෙන් අයින් වෙනවාද ඇහුවා.මං කිව්වා එහෙම අදහසක් නෑ කියලා මම දැනුත් ඔෆිස් එකේ ඉන්නේ කියලා.අගමැතිධුරය ව්‍යාවස්ථානූකූලව මා දරනවා.අපි ඒ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යනවා.“යැයි අගමැතිවරයා පැවසීය.

