තවත් බොරු බයිලා එපා.. වහාම ඉල්ලා අස් වෙන්න! ඇමති රාජිතට එරෙහිව චෝදනා

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය පිළිබඳව ගැටළුව විසඳීම වෙනුවට, එය විසඳා ගැනීමට රජය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සහ ගනිද්දී එය කුප්‍රකට ඇමති රාජිත සේනාරත්න විසින් කඩාකප්පල් කරන බව නොරහසකි. එවන් තත්වයක් තුලදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් වී රටේ නීතියක් බවට පත්විය යුතු බවට අධිකරණය විසින් දැනුම් දී දැනට මාස 6කට අධික කාලයක් ගත වුවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එය මගහරිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත කිරීම තුළින් “සයිටම්“ වෛද්‍ය විද්‍යාලයේ බාල ප්‍රමිතය රට හමුවේ නිරාවරණය වන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා එය මගහරිමින් සිටින බවයි.

තවදුරටත් ජනතාව මුලා කිරීම නවතා රාජිත සේනාරත්න මහතා ඇමති ධුරයෙන් වහාම ඉල්ලා අස්වියයුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනය මගින් කියා සිටී.

RSL

Related Posts