නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි
- RSL
- March 23, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
- Basil Rajapaksa, Gotabaya Rajapaksa, Rajapaksa regime
- 0 Comments
රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි.
ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් මේ බව මනාව පැහැදිලිවේ.
රාජපක්ෂ පවුල විසින් තම පවුලේ මීලඟ ජනාධිපතිවරයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බවට තීරණය කළ බව බැසිල්, නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් විසින් ඔවුන්ගේ පවුලේ පක්ෂයට යටහත් පහත්ව වැඩකටයුතු කරන අයවලුන් වෙනුවෙන් පසුගිය සතියේදී ප්‍රසිද්ධියේ දැනුම් දෙන ලදී. ඊට එම පවුලට ඉතා සමීපව ගැතිකම් කරන කිහිපදෙනෙකු ප්‍රීති ප්‍රකාශ සිදුකළද බහුතරය නිහඬව සිටීම සුවිශේෂී සිදුවීමක් විය. එසේම ගෝඨාභය රාජපක්ෂ මීලඟ ජනාධිපති අපේක්ෂකයා යැයි පැවසුවද අවම තරමේ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් ඔහුට සහාය පලකිරීමට පැමිණියේ නැත.
මෙම අනපේක්ෂිත අරාජික තත්වය හමුවේ රාජපක්ෂ පවුල් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, මේ වන විට තම පවුලේ ප්‍රකාශය හකුලාගනිමින් ඊට වෙනස් අර්ථ දැක්වීම් සිදුකිරීමට පටන්ගෙන ඇත.
මෙම තත්වය හමුවේ ඔහු මේ සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස මෙසේය.
මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුන්ට අවස්ථාව ලැබුනහොත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට ඔහු සූදානම් යැයි කියූ නිසා රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් තීරණය බවත්ය. එහෙත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පුද්ගලයෙකු නම් කරන්නේ පක්‍ෂයෙන් බවත් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් සදහන් කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපතිවරණවට තරග කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරණයට පුද්ගලයෙකු නම් කිරීමේ අවස්ථාව ඔහුට ලබා දී ඇති බවත්ය.
මේ අනුව ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව බාහිර සමාජයෙන් හෝ ඔවුන්ට ගැතිකම් කරන අයවයලුන්ගෙන් වත් කිසිඳු උද්දාමයක් හෝ සාධානීය තත්වයක් නොලැබුන තැන එම ස්ථාවරය සහ ප්‍රකාශය මේ වන විට ආපස්සට හරවා ගැනීමට සිදුව ඇතිව බව මනාව පෙනීයයි.
